අගුරු කර්මාන්තය

වලවල් ක්‍රමයට මෙම ක්‍රියාවලිය සිදු කරන ආකාරය හැකි ඉක්මනින් ඔබ වෙත ගෙන එන්නම්.

සැලකිය යුතුයි- 

දැල්වෙන අවස්ථාවේදි කිසිවිටෙක බැරල් එකට අත  නොතබන්න.

අගුරු කර්මාන්තය

 අගුරු කර්මාන්තය පහසුවෙන් කර ගත හැකි නව ක්‍රමයක් අප මුලින් හදුන්වා දෙමු.

බැරල් ක්‍රමය.


01- සාමාන්‍යයෙන් මෙම ක්‍රමයට තාර බැරල් යොදා ගනී.
02- මෙය ඉතාමත් පහසු ක්‍රමයක් වන අතර නිවසේ සිටින ඔබට අත්හදා බැලීමට ඉතාමත් පහසු ක්‍රමයකි.
03-මෙහිදි දුම ව්‍යාප්ත වීම බොහෝ අඩුයි.
04-මුලින් පිංතුර වල දැක්වෙන පරිදි පොල් කටු උඩ අතට ඇතුලෙන් තබා ගත යුතුයි.
05-එම පොල්කටු වලට අලු සහ බූමිතෙල් ටිකක් දාගත යුතුයි.

එසේ පොල්කටු තබා එම පොල් කටු වටේට රුපයේ පරිදි පොල් කටු තබා ගන්න.







06-එසේ පොල් කටු 20ක් 25ක් පමන තබාගෙන බූමිතෙල් දැමු  පොල් කටු දල්වන්න.
(දැල්වීමට පෙර අනිත් පොල් කටු වලටද බූමිතෙල් ඉසගන්න.)

07- මද වෙලාවක් දැල්වී අනෙක් පොල්කටු වලට ගිනි ඇවිලිමෙන් පසු පොල් කටු නිවෙන් නැති වෙන්න අනිත්  පොල් කටු ටිකක් උඩින් දාන්න. බැරල් එකේ ඇති පොල් කටු හොදින් පත්තු වන අවස්ථාවේ තවත් පොල්කටු එකතු කරන්න.

(පොල් කටු එකතු කිරිමේදි ගින්දර අඩුවී දුම වැඩි වෙයි එය එසේ වෙන්නට හරින්න.පසුව දුම අඩුවී නැවත ගින්දර බැරල් එකෙන් කටෙන් එලියට එයි. එවිට තවත් පොල්කටු එකතු කරන්න.)

System

පොල් කටු දැමීම

දුම වැඩි වීම

පසුව පොල් කටු දැවී ගින්දර එලියට ඒම 

එවිට පොල් කටු එකතු කිරීම

නැවත දුම වැඩි වීම

අවසානයේ පොල් කටු අගුරු බැරල් එකේ කට ලගට ලන් වීම

අවසානයේ පොල් කටු දමා ඉවර වූ පසු වතුර ගසා නිවෙන්න හරින්න.

(අවසානයට පොල් කටු එකතු වූ පසු දැවි ඉවර වන්නේ නම් ආයෙත් ගිනි දැල්වේ. එවිට ඔබට අගුරු පෙනේ නම් වතුර ගසා නිවාගන්න.)
















මෙහි අලු  සදහා මම යොදා ඇත්තේ කලින් දැල්වු අගුරු වලින් ඉවත් කරගත් කුඩු ප්‍රමානයකි..

මෙය දල්ලා ඉවර වී වතුර ගසා එම වතුර වේලීමට ඉ⁣ටිරෙද්දක හො වෙලීම හැකි බිමක දමන්න..

පසුව අලු වූ අගුරු ඉවත් කරගැනීම සදහා කාලේ දැලක් හෝ.. ලූනූ ගොනියක් යොදාගන්න..

එයින් ඉවත් වන අලු ප්‍රමානය නැවත දැල්වීම සදහා අලු වෙනුවට යොදා ගන්න..





Comments